FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයෙක් ඇසුරු කල 11 ක් පී.සී.ආර්. පරීක්ෂණයට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (20) පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා ආසාදනය විමත් සමඟ ඔහු ඇසුරු කළ පුද්ගලයින් 11 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ඔහුගේ පවුලේ සාමාජිකයින් ද කිහිපදෙනෙකු ඒ අතර වේ.

මීට අමතරව පිළියන්දල ප්‍රදේශයේ පවුල් 15 කට අයත් පුද්ගලයින් 71 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල සඳහන් කරයි.