FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 34,733 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 600 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රථවාහන 169 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 34,733 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 8,883 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.