FAST NEWS

24×7 Around the Globe

ජනතාව වෙත පොලීසියෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ද ජනතාව තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් දෛනික කටයුතුවල නිරත විය යුතු බව පොලීසිය, ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විශේෂයෙන් සමාජ දුරස්ථභාවය අඛණ්ඩව පවත්වා ගත යුතු අතර, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංක්‍රමණය වීම ද තවදුරටත් තහනම් වන බවයි.