FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින තවත් පිරිසකගේ PCR ප්‍රථිඵල අද

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  නිරෝධායන මධ්‍යස්ථානවල සිටින තවත් 149 දෙනෙකුගේ PCR පරීක්ෂණ ප්‍රථිඵල වාර්තා අද (21) ලැබීමට නියමිත බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.   

අදාළ පිරිසට කොරෝනා වෛරසය වැළඳී නැතැයි ඔප්පුවුවහොත් අද දිනය තුළදීම නිවෙස් වෙත පිටත් කර හරින බව ද ඒ මහතා අවධාරණය කළේය.

මේ වනවිට 4198 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.