FAST NEWS

24×7 Around the Globe

අධි අවධානම් දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට අද 8 ට යළිත් ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – අධි අවධානම් කලාප වන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය අද (20) පස්වරු 8 ට යළිත් පැනවීමට නියමිතයි.    

මෙලෙස පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම පහ දක්වා පමණයි.

මේ මස 25 වනදා සහ 26 වනදා සති අන්තයේදී මෙම දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇති බව වයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව 24 වනදා රාත්‍රී 8 ට පනවනු ලබන ඇදිරි නීතිය ඉවත් කරනු ලබන්නේ 27 වන සදුදා අලුයම 5 ටයි.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අනිද්දා ඉවත් කිරීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය මේ මස 27 වන සඳුදා අලුයම 5 දක්වා යළි දීර්ඝ කර ඇත.