පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙමුහුන් අධිකරණයට එරෙහිව පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ කළ විරෝධාතාවක් නිසා පාර්ලිමේන්තුව විනාඩි පහකට කල් දැමීමට නියෝජ්‍ය කතානායකවරයා තීන්දු කළේය. ඉන් අනතුරුවද දිගින් දිගටම ආණ්ඩුව හා විපක්ෂය වාග් සංග්‍රාමයක නිරත විය.
හිටපු ජනපති, පාර්ලිමේනතු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර ඔහුගෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසුවේ දෙමුහුන් අධිකරණයක් තිබේද නැත්ද පිළිබඳව අදහස් ප්‍රකාශ කරන ලෙසයි. කෙසේ වෙතත් හිටපු ජනපතිවරයා එයට පිළිතුරක් නොදුන්නේය.







