FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් නිවසේ සිටම සිහි කරන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස් සැමරීම සදහා හෙට (21) සිදුකෙරෙන වැඩසටහන් වලට නිවසේ සිට දායකත්වය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.    

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට වසරක් සපිරන හෙට දිනයේදී ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහි කිරිම සදහා සෑම නිවසකම පහණක් දල්වන ලෙස කොළඹ අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.