FAST NEWS

24×7 Around the Globe

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීම කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ලබන බදාදා විවෘත නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලූවගේ පවසයි.

ඔහු සඳහන් කළේ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ඉවත් කිරීමේ දිනය දීර්ඝ කිරීමත් සමඟ මෙම තීරණයට එළඹුණු බවයි.

මිට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව – හම්බන්තොට දක්වා කොටස සෑම දිනකම පෙරවරු හතේ සිට රාත්‍රි 7 දක්වා විවෘතව පවතින අතර එය භාවිත කළ හැක්කේ ඇඳිරි නීති බලපත්‍ර දරන්නන් සහ අත්‍යාවශ්‍ය සේවාවල නිරත වන්නන්ට පමණක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.