පෝස්ටර් අලවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේ ය.
සිද්ධියට මුහුණ දුන් පුද්ගලයින් දෙදෙනා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව නිකුත් කලේය.
පෙත්සම්කරුවන්ට රුපියල් 25,000 බැගින් වූ වන්දි මුදලක් ගෙවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ.
ප්‍රියසාද් ඩෙප්, සිසිර ඩී. ආබෘ, සුනිල් ගුණරත්න, යන විනිසුරුවරු මෙම පෙත්සම විභාග කළහ.
2009 ජනවාරි 12 වන දින ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් දෙදෙනා ‘මාධ්‍ය මර්දනය නවතනු, ප්රජාතන්ත්රවාදය රකිමු’ යනුවෙන් සඳහන් පෝස්ටර් අපවමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.







