FAST NEWS

24×7 Around the Globe

එරාවුර් ප්‍රා.ලේකම්ට තර්ජනය සැකකරුවන්ට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඒරාවුර් ප්‍රාදේශිය ලේකම්වරයාට සහ ග්‍රාමනිලධාරින් කිහිපදෙනෙකුට බැන තර්ජන කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත මුදාහැර තිබේ.

මිච්ච් නගර් ග්‍රාම සේවා වසමේ දිළිඳු පවුල් සඳහා සහනාධාර ලබා දීමේ වැඩසටහනටකට එක්ව සිටි එම රාජ්‍ය නිලධාරින්ට බැන තර්ජන කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (19) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා එරාවුර් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදි ඔවුන්ට දැඩි අවවාද කර එක් සැකකරවෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සදහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් ඒරාවුර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.