FAST NEWS

24×7 Around the Globe

දුම්රිය කිහිපයක ගමන් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) පෙරවරු 6 ට කාර්යාල දුම්රිය 4 ක් ගමන් ආරම්භ කල බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කර තිබේ.

මහනුවර සහ මහව සන්ධියේ සිට පොල්ගහවෙල දක්වා දුම්රිය දෙකක්ද , බෙලිඅත්ත සහ ගාල්ලේ සිට ඉඳුරුව දක්වා දුම්රිය 2 ක්ද ගමන් ආරම්භ කර ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය අත්හිටුවා ඇතැයි දුම්රිය ලොකෝ මෝටිව් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේය.

පිට පළාත්වල සිට කොළඹටත්, කොළඹ සිට පිට පළාත්වලටත් දුම්රිය ගමන්වාර 46 ක් පැවැත්වීමටයි මීට පෙර තීරණය කර තිබිණි.