FAST NEWS

24×7 Around the Globe

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අද ජනපති කාර්යාලයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) දිනයේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා තිබේ.

එහිදී රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි සඳහන් කළේය.

රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේදී නිකුත් කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියා ප්‍රකාශ කර සිටියි.