FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රික්කවල බදාදා තෙක් බස් හෝ දුම්රිය ධාවනය නොවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 22 වනදා දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිස්ත්‍රික්කවල දුම්රිය හෝ බස් රථ ධාවනයක් සිදුනොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.    

අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල හෙට සිට පොදු ප්‍රවාහන සේවාවන් ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා පියවර රැසක් ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, පෞද්ගලික බස් රථ හෙට සිට ධාවනය කිරීමක් සිදුනොවන බවත්, ඒ සඳහා ප්‍රතිපාදන ලබාදීමක් සිදුකර නොමැති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.