FAST NEWS

24×7 Around the Globe

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ 110 දෙනෙකු PCR පරීක්ෂණයට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ්-19) –  ග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරනායක මාවත 146 වත්තේ පදිංචිකරුවන් 110 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේය.

එම ප්‍රදේශය මේ වනවිට හුදකලා කර ඇති බව ද වෛද්‍යවරයා පැවසීය.