FAST NEWS

24×7 Around the Globe

ජීනිවා යෝජනාව වීමසිමට ශ්‍රීලනිප කමීටුව රැස්වීමට සැරසෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වු යෝජනාව පිළිබඳව සලකා බැලීමට පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටුව ඉදිරි දින කිහිපය තුළ යළි රැස්වීමට නියමිතව තිබේ.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය තීරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හත් දෙනෙකුගෙන් යුතු විශේෂ කමිටුවක් පත්කරනු ලැබුණී.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ප්‍රධානත්වයෙන් පත් කළ එම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත, එස්.බි.දිසානායක, මහින්ද සමරසිංහ යන අය ද ඇතුළත්ය.

ඊට අමතරව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෙම කමිටුවට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අධ්‍යයනය කොට ඒ පිළිබඳව නිගමනයකට පැමිණීම සඳහා ජනාධිපතිවරයා මෙම කමිටුවට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එම කමිටුව රැස්වී අදාළ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණෙනු ඇත.