FAST NEWS

24×7 Around the Globe

පාසල් යළිත් ආරම්භ කිරීමට පෙර විෂබීජහරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාසල් ආරම්භ කිරීමට පෙර සියළු පාසල් විෂබීජහරණයට ලක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.  

මේ සදහා පාසලට ආසන්න පළාත් පාලන ආයතනවල සහය ලබාගැනීමට තීරණය වී ඇති අතර , පාසල තුළදී සිසුන්, ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය අනුගමනය කළයුතු උපදෙස් අඩංගු ලිපියක් හෙට දින පාසල් වෙත තැපැල් කර යවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මැයි මස 11 වන සදුදා දින පාසල් යළි ආරම්භ කිරීමට දැනට සැලසුම් කර තිබේ.