FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ගමන් වාර 400 ක් ධාවනයට එක්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට සිය ඇතැම් දිස්ත්‍රික්ක වලට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි.   

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5,000 ක් හෙට සිට ධාවනයට එක් කිරීමට නියමිත අතර , දුම්රිය ගමන් වාර 400ක් ද ආරම්භ කිරීමට නියමිතය.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියාසිටියේ දුම්රියවල ගමන් කරන මගීන්ට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

දුම්රියකට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බැගින් යොදවන බව ද ඔහු සඳහන් කළේය.