FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන සහනාධාරයක් දෙන්නැයි ධීවරයන්ගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ධීවර වරායන් තුල රඳවා ඇති සියලුම බහුදින යාත්‍රාවන්ට නැවතත් ධීවර කටයුතු සඳහා පිටත්වයාමට සියයට 50ක ඉන්ධන සහනාධාරයක් දෙන්නැයි සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමය ඉල්ලා සිටින්නේ කොරෝනා වසංගතය හේතුවෙන් එල්ලවූ බලපෑම සැළකිල්ලට ගනිමින් මෙම සහනය ලබා දෙන ලෙසයි.