FAST NEWS

24×7 Around the Globe

සේයා ඝාතනයේ සැකකරු සමන් ජයලත් ජින්ටෙක් ආයතනයට.

කොටදෙනියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දුනේෂ් ප‍්‍රියශාන්ත නොහොත් කොණ්ඩයාගේ වැඩිමහල් සහෝදරයා වන සමන් ජයලත් නමැත්තා ඞී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා ජින්ටෙක් ආයතනය වෙත රැගෙන විත් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුව සැකකරු ජින්ටෙක් ආයතනය වෙත යොමු කළ බවයි.

සමන් ජයලත් නැමැති මෙම සැකකරු සම්බන්ධයෙන් ඞී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණය හමුවේ කියා සිටියා.

ඒ අනුව මහේස්ත‍්‍රාත්වරයා ඊට අවසරය ලබා දුන්නා. සේයා සඳෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බව සමන් ජයලත් නමැත්තා අධිකරණය හමුවේ කියා සිටියා. සැකකරු ලබන 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ.