මන්දකට හසුව බේරා ගැනුණු කොටියා මිය යයි[PHOTOS]

මන්දකට හසුව බේරා ගැනුණු කොටියා මිය යයි[PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මස්කෙලිය ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න කොටසේ මන්දකට හසු වි පලාවිත් ගසක දෙබලක සිර වි සිටි කදුකර කොටියා මිය ගොස් ඇති බව වන ජීවී නිලධාරීහු පවසති.

වනජිවි නිලධාරින් විසින් පැය තුනක මෙහෙයුමක් සිදු කර මුදාගෙන ගත් කොටියා වැඩි දුර ප්‍රතිකාර සදහා රණිදෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන අතරතුර ඊයේ (18) රාත්‍රියේ මිය ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලය පවසයි.

කොටියාගේ උදරය ප්‍රදේශයේ මන්ද සහිතව ගසේ දෙබලේ ඊයේ (18) අලුයම සිර වි ඇති අතර ප්‍රදේශවාසීන් දැක වන ජීවී නිලධාරීන්ට ඒ බව දැනුම් දී තිබේ.

මන්ද සහිතව ගසට නැග ඇති කොටියා ගසේ දෙබලක මන්දේ කෙරවලක ගැට ගසා තිබු මුගුරක් සිර විම නිසා කදුකර කොටියා දෙබලේ සිර වි ගසින් බැසිමට උත්සහ කිරිමේදි දැඩි ලෙස තුවාල ලබා ඇත.

මෙම කඳුකර කොටියා වයස අවුරුදු 4 කින් යුක්ත බවත්, කොටියා අඩි 4 කින් පමණ දිගකින් යුක්ත බවත්, මිය ගිය කොටියා දිගු වේලාවක් මන්දේ සිර වි බේරි යාමට උත්සහ කිරිම නිසා උදරය ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදු වි වකුගඩු වලට දැඩි ලෙස හානි සිදු විම හේතුවෙන් කොටියා මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලය පැවසීය.