(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් හෙට (20) පැවැත්වීමට නියමිතයි.
එම කොමිසම සඳහන් කළේ හෙට පස්වරු එකට මැතිවරණ කොමිෂන් සභාවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.
ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය, තැපැල්පතිවරයා මෙන්ම පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන් කිහිප දෙනෙකුද ඊට එක්වීමට නියමිතයි.








