FAST NEWS

24×7 Around the Globe

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි

(ෆාස්ට් නිව්ස් | දඹුල්ල) – දින නියමයක් නොමැතිව වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා දිනපතා විවෘතව තබයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වත දැඩි සෞඛ්‍යය ආරක්ෂිත කටයුතු වලින් යුතුව ආර්ථික මධ්‍යස්ථානයට පිවිසිය යුතු අතර පිවිසෙන සියලූ දෙනාම විසබීජහරණයකට නතු කිරීම දෑත් පිරිසිදුව තබා ගැනීම මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

වෙළඳාම් කටයුතු අවසන් කිරීමෙන් පසු විසබීජහරණය කොට රාත්‍රී 08 වනවිට වසා දැමීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන මුඛ ආවරණ නොමැතිව සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිනොපදින අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට උපදෙස් දී තිබේ.