FAST NEWS

24×7 Around the Globe

තැපැල් දෙපාර්තමේන්තුව හරහා සතොස භාණ්ඩ බෙදා හැරීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් දෙපාර්තමේන්තුව මගින් සතොස අලෙවි සැල්වල භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වන ගිවිසුමකට ඊයේ (17) අත්සන් තැබූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

හෝමාගම, හැව්ලොක් ටවුන්, කඩවත හා මොරටුව ප්‍රදේශ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට පළමු අදියරය වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සිදු කෙරෙන අතර එහි සාර්ථකත්වය මත ඇඳිරි නීතිය පවතින සෙසු දිස්ත්‍රික්කවලටද භාණ්ඩ තැපැල් සේවකයින් මාර්ගයෙන් බෙදා හැරීමට සැලසුම් කර ඇති බව තැපැල්පතිවරයා සඳහන් කළේය.