FAST NEWS

24×7 Around the Globe

අත්‍යවශ්‍ය සේවා සඳහා කාර්යාල දුම්රිය සේවා නැවත ආරම්භ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සඳුදා (20) සිට කාර්යාල දුම්රිය සේවා නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව බව සඳහන්.

අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය කරන කාර්ය මණ්ඩලවලට පමණක් එමගින් ප්‍රවාහන සේවා සලසා ගත හැකි අතර මීට අදාළව දුම්රිය දෙපාර්තමේන්තුව උපදෙස් සහ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්ක තුළ සාමාන්‍ය ජනතාවට ද එමගින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බවත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක තුළ දුම්රිය ස්ථානවලට ඇතුළුවීමට හෝ පිටවීමට ජනතාවට අවස්ථාව හිමි නොවන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.