FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 31,680 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 31,680 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.

ඔහු පැවසුවේ එම කාලසීමාව තුළ වාහන 8,151 ක්ද පොලිස් භාරයට ගත් බවයි

අද උදෑසන 6.00 අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 1,392 කු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 381 ක් ද එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන තිබේ.