FAST NEWS

24×7 Around the Globe

ගොවීන් දිරිමත් කිරීමට බෝග වර්ග 15කට සහතික මිලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විවිධ බෝග වර්ග වගා කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීමට බෝග වර්ග 15කට සහතික මිලක් ලබාදී මිලදී ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ පිටරටින් භෝග ගෙන්වීම සීමා කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන්.

බඩ ඉරිඟු, මුං ඇට, උඳූ, කොල්ලු, කව්පි, සෝයා බෝංචි, රටකජු, තල, කුරක්කන්, ලොකු ලුණු, රතු ලුණු, වියළි මිරිස්, අර්තාපල්, කහ සහ ඉඟුරු සඳහා මෙලෙස සහතික මිලක් ලබාදීමට නියමිතයි.