සිරියානු විපක්ෂ ක්රියාකාරීන්ට එරෙහි ප්රහාර නතර කරන්නැයි නේටෝ සංවිධානය රුසියාවට අනතුරු ඇගවීමක් කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ඇමරිකාව සහ නේටෝ සංවිධානය පවසන්නේ රුසියානු ප්රහාර ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහි විපක්ෂ ක්රියාකාරීන්ගේ සන්නද්ධ කණ්ඩායම්වලට යොමු වී ඇති බවයි.
ප්රහාරවලින් සිවිල් වැසියන් ද මිය යන බවට නේටෝ සංවිධානය චෝදනා කර ඇත.
කෙසේ නමුත්, තම ප්රහාරවල ඉලක්කය අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් බවයි රුසියාව ප්රකාශ කළේ.







