FAST NEWS

24×7 Around the Globe

ජනපති ලේකම්ගේ මැයි වැටුප වැන්දඹු සහ අනත් දරු අරමුදලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ්-19) – ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය මැයි මස සිය පූර්ණ වැටුප සහ දීමනා රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු සහ අනත් දරු අරමුදල වෙත පැවරීමට තීරණය කර ඇත.   

තමා ස්වේච්ඡාවෙන්ම එසේ කරනුයේ ජාතියේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමාට දුෂ්කරතා රහිත අය වැයක් අවශ්‍ය නිසා බව ලේකම්වරයා ජනාධිපතිතුමාට දැනුම් දී තිබේ.

කොවිඩ් 19 වසංගතය හමුවේ දිළිඳු සහ අවදානමට පත් ජනයාගේ සෞඛ්‍යය සහ සුරක්ෂිතතාව සහතික කිරීමට ජනාධිපතිතුමා දෙන දූරදර්ශී නායකත්වය අන් කවර ජාතියකට වඩා විශිෂ්ට එකක් බවත් , එබැවින් එතුමාගේ ප්‍රයත්නයට දායකවීම පිණිස තමා මේ තීරණය ගත් බවත් ජයසුන්දර මහතා පවසයි.