FAST NEWS

24×7 Around the Globe

ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දමයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 ක දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට එම සංගමය තීරණය කර ඇත.  

ඒ අද පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

චක්‍රලේඛ සම්බන්ධ ගැටළුවක් මුල්කරගනිමින් ඔවුන් රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කරනු ලැබීය.

මේ අනුව ග්‍රාම නිලධාරීවරුන් හෙට සිට සුපුරුදු පරිදි අදාළ රාජකාරීවල නිරතවනු ඇත.