FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් PCR පරීක්ෂණ කට්ටල සහ වෛද්‍ය සැපයුම් තොගයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවට චීන රජයෙන් පරිත්‍යාග කළ ඇමරිකානු ඩොලර් 693,191ක් වටිනා පී.සී.ආර් පරීක්ෂණ කට්ටල සහ තවත් වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් ගුවන් යානය දිවයිනට ළඟා වී තිබේ.

මෙම සැපයුම් තොගයට පී.සී.ආර් පරීක්ෂණ කට්ටල 20016ක් ඇතුලත් වෙයි.

සෞඛ්‍ය සේවකයන් භාවිත කරන ආරක්ෂිත මුහුණු ආවරණ 10000ක්, ශල්‍ය මුහුණු ආවරණ 100000ක්, භාවිතයෙන් පසු ඉවත් කළ හැකි ආරක්ෂිත ඇඳුම් 10000ක් මෙන්ම සෞඛ්‍ය සේවකයන් භාවිත කරන ඇස් ආවරණ කට්ටල 1000ක් මෙම ආධාර අතර වේ.

තවද එක්වරක් පමණක් භාවිත කරන ශල්‍ය අත්වැසුම් 50000ක් ද ඊට අයත් වන අතර මීට පෙර චීනයෙන් ශ්‍රී ලංකාවට පී.සී.ආර් කට්ටල 20064ක් පරිත්‍යාග කර තිබුණි.