FAST NEWS

24×7 Around the Globe

අද PCR පරීක්ෂණ 530 ක් සිදුකර අවසන්

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – අද (17) දිනයේ තවත් PCR පරීක්ෂණ 530 ක් පමණ සිදුකල බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අද තහවුරු කරගත් ආසාධිතයන් 3 දෙනා එහිදී අනාවරණය වූ බවයි.

ඊයේ (16) දිනයේ PCR පරීක්ෂණ 508 ක් සිදුකර ඇති බවත් එහිදී කිසිවෙකුත් ආසාධිතයන් ලෙස හඳුනාගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.