FAST NEWS

24×7 Around the Globe

රංගන ශිල්පී දයා තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් අද (17) අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු කලක සිට රෝහල් ගතව ප්‍රතිකාර ලැබු අතර මිය යන විට 78 වැනි වියේ පසුවිය.

1969 වසරේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සෙයිලම වැනි චිත්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිත රැසකට දායකත්වය ලබා දුන්නේය.

ඔහු වේදිකාව සිනමාව ටෙලි නාට්‍ය ත්‍රිත්ව මාධ්‍යයේම දක්ෂතා දැක්වීය.