FAST NEWS

24×7 Around the Globe

කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් රජයෙන් නව යෝජනා ක්‍රමයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ. 

ඒ අනුව බෝග වර්ග 36 ක් සඳහා 4්‍ % ක පොලී අනුපාතයකට රුපියල් ලක්ෂ 5 ක් දක්වා ණය මුදල් ලබාදීමටයි එහිදී නියමිතව ඇති අතර , රාජ්‍ය බැංකු හරහා පමණක් මෙම ණය සදහා ඉල්ලුම් කළ හැක. ආපසු ගෙවීමේ කාලය මාස 9 ක්.

මේ අනුව වී, මිරිස්, ලුණු, කව්පි, මුංඇට, උඳු, සෝයා, කුරක්කන්, බඩඉරිගු, බීට්, බෝංචි, ගෝවා, කැරට්, ඇතුලු බෝග වර්ග 36 ක් සඳහා මෙම ණය පහසුකම හිමි වනු ඇති.

එමෙන්ම ගෙවතු වැඩසටහන සඳහා එක් ගෙවත්තකට මෙම භෝග වගා සඳහා රුපියල් 40,000 ක උපරිමයකට යටත්ව 4්‍% ක පොලියකට රාජ්‍ය බැංකු මගින් ණය ලබාදීමටද මහ බැංකුව අනුමැතිය හිමිව තිබේ.

මෙහිදී රජයෙන් ගෙවනු ලබන ණය සහනාධාරය 5්‍ %ක් වන අතර ණය ලබන්නාගේ පොලිය 4්‍ % ක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය