කඹුරුපිටිය,අකුරැස්ස මාර්ගයේ අවහන්හලකට ඊයේ (05) රාත්‍රියේ අත්බෝම්බයක් එල්ල කර තිබේ.
එල්ල කරන ලද එම බෝම්බය පුපුරා ගොස් නැති බවයි අප වාර්තාකරු පැවසුවේ.
බෝම්බය එල්ල කර සැකකරු පළා ගොස් ඇති අතර මෙම බෝම්බය පුපුරා ගියේ නම් අවහන් හලේ සිටි විශාල පිරිසකට හානි සිදු වීම ඉඩ පැවැති බව ද සදහන්.
බෝම්බය වැදිමෙන් පුධාන දොරට හානි සිදු වී ඇත.
මේවන විටත් සැකකරු සොයා පරික්ෂ ආරම්භ කර ඇති අතර මාතර යුධ හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය පැමිණ බෝම්බය නිෂ්ක්‍රිය කිරිමට කටයුතු යොදා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නැති අතර බෝම්බය යුධ හමුදාව විසින් භාවිත කරනු ලබන එකක් බවට හදුනාගෙන ඇතැයි ද සදහන්.
කඹුරුපිටිය පොලිසිය මගින් පරික්ෂණ ක්‍රියාත්මකයි.







