FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වසරක් සපිරෙන සියලු වැඩසටහන් අවලංගු කෙරේ

(ෆාස්ට් නිව්ස් | COVID 19) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට වසරක් සපිරෙන එළඹෙන අප්‍රේල් 21 වනදා පෙර සැලසුම් කර තිබූ සියලූ වැඩසටහන් අවලංගු කර ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ඒ රටතුල පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම තීරණය ගත් බව සඳහන්.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අගරදගුරු නිල නිවසේ අද (16) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.