FAST NEWS

24×7 Around the Globe

අද පස්වරු 6 සිට දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු පැවසුවේ බීමත්ව හැසිරෙමින් ඇඳිරි නීතිය කඩකරන්නන්, ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන්නන්, අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් අද ක්‍රියාත්මක කරන බවයි.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 45,000කට වැඩි පිරිසක් යොදවා තිබේ.

ඇඳිරි නීතිය කඩ කළහොත් එසේත් නැතිනම් ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කළහොත් ඒ සඳහා ඉතා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.