FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය පිළිබඳව නිකුත් කළ නවතම නිවේදනය [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්වල හැර අනෙක් ප්‍රදේශවල ඇඳිරි නීතිය 14 වනදා පෙරවරු  6 ට ඉවත් නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.  


කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලාත්මකව පවතියි.

සෙසු දිස්ත්‍රික්වල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා පෙරවරු 6 දක්වා දීර්ඝ කෙරෙනු ඇත.