FAST NEWS

24×7 Around the Globe

මෙරට සිට සිදුකරනු ලැබු විශාලතම සයිබර් මූල්‍ය වංචාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකානු සමාගමකට අයත් බැංකු ගිණුමකට අනවසරයෙන් පිවිස රුපියල් කෝටි 140 කට ආසන්න මුදලක් වංචා කල පුද්ගලයන් 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ අමෙරිකානු සමාගම කල දැනුම්දීමක් මත මෙම විමර්ශනය ආරම්භ වූ අතර වංචාකල මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට සොයාගෙන ඇති බවයි.

මෙය ශ්‍රී ලංකාවේ සිට සිදුකරනු ලැබු විශාලතම සයිබර් මූල්‍ය වංචාව ලෙස සැලකෙයි.