FAST NEWS

24×7 Around the Globe

කටුනායක දෙවැනි අදියරට ජපානය අත තබයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුමට ජපානයේ තෝකියෝ අගනුවර දී අඟහරුවාදා (6) අත්සන් කිරීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පස්දින ජපාන නිල සංචාරයේ වැදගත් පියවරක් ලෙස මේ ගිවිසුම අත්සන් කෙරෙන්නේ ජපන් රජය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතරය.

ගුවන්තොටුපළෙහි දෙවැනි අදියරේ සංවර්ධන කටයුතු මුළුමනින්ම ජපන් රජය විසින් බාරගෙන සම්පූර්ණ කිරීමට නියමිත අතර ඒ සඳහා ජපානයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඍජු දායකත්වය සපයයි.

ශ්‍රී ලංකා අගමැති වික්‍රමසිංහ, ජපාන අගමැති ෂිංසෝ අබේ යන මහත්වරු ඉදිරියේ මුදල් ඇමැති රවී කරුණානායක, තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරු සහ ශ්‍රී ලංකා ජපාන රාජ්‍ය තාන්ත්‍රිකයන් ගිවිසුම අත්සන් කිරීමට නියමිතය.