FAST NEWS

24×7 Around the Globe

පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(10) දිනයේත් සවස් කාලයේ හෝ රාත්‍රී‍යේ ස්ථාන කීපයක වැසි‍ හෝ ගිඟුරුම් සහිත වැසි ‍ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා දකුණු  පළාත්වලත් අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වනු ඇත.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං ‍හා අකුණුවලින් අනතුරු අවම කර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දෙයි.