FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය පිළිබඳව නවතම නිවේදනය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත කලාප වන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර සෙසු සියලු දිස්ත්‍රික්වල හෙට (09) උදෑසන 6 ට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම දිස්ත්‍රික්ක සඳහා  එදිනම සවස 4ට යළි ඇඳිරි නීතිය පනවනු ලැබේ.

එසේම  මෙම දිස්ත්‍රික්කවලට එලෙස ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදෑසන 6ට ඉවත් කර එදිනම සවස 4ට යළි ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.