FAST NEWS

24×7 Around the Globe

විදුහල්පතිට පහරදුන් ප්‍රා.සභා සභාපති එකනායක පොලිස් අත්අඩංගුවට.

විදුහල්පතිවරයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති අසේල ඒකනායක මහතා(එජනිස) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර සභාපතිවරයා අද(05)වත්තේගම පොලීසිය බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

සභාපතිවරයා අද දිනයේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත්, මේ වන විට ඒ සඳහා කැටුව ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.