FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මෛත්‍රී ගැන විශ්වාසයි – උතුරු මහ ඇමති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරටට සෞභාග්‍ය හා සාමය ගෙන එන බවට තමාට බලාපොරොතුවක් හා විශ්වාසයක් ඇති බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද කිලිනොච්චි, ඉරණමඩු ප්‍ර දේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්ය.

එසේම මහජනතාව ගස් වගේ සිටිය යුතු බවත්, සුළු ජාතීන් එහි අතු සේ සිටිය යුතු බවත් ඇතැම් පුද්ගලයින් විසින් සිතන බවද ඒ මහතා එහිදී කීවේය.

නමුත් එම පදනම උතුරු නැගෙනහිර සිටින සුළුතර ජනතාව විසින් නො‍සිතු බවද ඒ මහතා එහිදී අවධාරණය කළේය.

එසේම උතුරු නැගෙනහිර ජනතාව මහජාතීන් සේ එම ප්‍රදේශ වල සිටින බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී සිටියේය.