FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය මෙම මස 30 වන දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දුන් ඇඳිරි නීති බලපත්‍ර ද මීට අයත් වන බවයි.

ඊට අමතරව වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛණිජ තෙල්, විදුලි සංදේශ, දුම්රිය සේවා, මහා භාණ්ඩාගාරය, මහබැංකුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු මෙන්ම මාධ්‍ය හා සම්බන්ධ ආයතනවලට අදාළව නිකුත් කර තිබූ ඇඳිරි නීති බලපත්‍ර සහ රාජකාරී සේවා හැඳුනුම්පත් භාවිතය ද ඒ අනුව මෙම මස 30 වන දින දක්වා තවදුරටත් දීර්ඝ වේ.