FAST NEWS

24×7 Around the Globe

ජනපති ඉන්දීය රජයට ස්තූතිය පල කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය රජයට සිය ස්තූතිය පල කරයි.

ඒ කොරෝනා වසංගතය හමුවේ රට අසීරුතාවයට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට අනුව ඉන්දිය රජය විසින් මෙරටට අත්‍යාවශ්‍ය බෙහෙත් ටොන් 10 ක ප්‍රමාණයක පරිත්‍යාග කිරීම සම්බන්ධයෙනි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත ස්තූතිය පල කර ඇත.

එයා ඉන්ඩියා සමාගමේ විශේෂ ගුවන් යානා දෙකක් මඟින් මෙම බෙහෙත් තොගය ඊයේ(07) දින ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.