FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කළ 768ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07) දහවල් 12 සිට සවස 6 දක්වා ගත වු පැය 6ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 768 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ වාහන 249 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ පසුගිය මාර්තු 20 වන දින සිට අද සවස දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 16892ක් වන බවයි.

එම කාලය තුල අත්අඩංගුවට පත් වාහන ගණන 4313 ක් බව සඳහන්.