FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය නොතැකූ 16 ,124 ක් පොලිස් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 16 ,124 දක්වා ඉහළ ගොස් ඇත.   

අද පෙරවරු 6 සිට පස්වරු 12 දක්වා පැය 6 ක කාලය තුල පමණක් පුද්ගලයන් 222 දෙනෙකු සහ වාහන 73 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති සමස්ථ වාහන සංඛ්‍යාව 4064 ක්.