FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා සුරා සැල් කිහිපයක් මූද්‍රා තබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා පිහිටි සුරා සැල් කිහිපයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මූද්‍රා තබා ඇත.

සුරාසැල් හිමියන් විසින් ඇඳිරි නීතිය ලිහිල් කළ කාල සීමාව තුලදී ගබඩා කර ඇති මත්පැන් වෙනත් ස්ථානවලට රැගෙන විත් අධික මිලට අලෙවි කරන බවට පැමිණිලි ලැබුණු බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේය.