FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා මරණ 70, 000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දොළොස් ලක්ෂ 87,168 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 70,530 ක් ලෙස වාර්තා වෙයි.  

ලිබියාවේ අන්තර්වාර රජයේ අගමැති ධුරය දැරූ මහමුද් ජබ්රිල් කොරෝනා වෛරසයට ගොදුරු වී ඊජිප්තුවේ කයිරෝ නුවර දී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඔහු කොරෝනා වෛරසයට ගොදුරු වූ ප්‍රථම මැද පෙරදිග රාජ්‍ය තාන්ත්‍රිකයා ද වෙයි.

ඉරානයේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 60,000 ඉක්මවා ඇති අතර, එරටින් මරණ 3739ක් ද වාර්තා වී තිබේ.