FAST NEWS

24×7 Around the Globe

PHIට පහර දුන් සැකකරු ළමා රැඳවුම් නිවාසයේ රඳවන්නැයි නියෝග

(ෆාස්ට් නිව්ස් |කෑගල්ල ) – රඹුක්කන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දුන් සැකකරුව ලබන අගෝස්තු 25 වන තෙක් දෙහිඕවිට, අල්ගොඩ ළමා රැඳවුම් නිවාසයේ රඳවා තබන ලෙසට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ.

කොරෝනා‍ වෛරසය මැඩලීමේ රාජකාරියේ  යෙදී සිටි රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යා‍ලයේ සේව‍යේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබුණේ පසුගිය 04 වනදාය.

එම සැකකරුව ඊයේ (05) අත්අඩංගුවට ගත් අතර ඔහු වයස අවුරුදු 16 ක් වන කඩිගමුවේ පදිංචිකරුවෙකි.

මේ පිලිබඳ රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.